සන්නිවේදන වර්ග
සන්නිවේදනය යනු තම අදහස්,තොරතුරු, හැඟීම් අනෙකා සමඟ හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. මහාචාර්ය හැරල්ඩ් ඩී ලැඩ්වෙල්ට අනුව සන්නිවේදනය යනු කිසියම් කෙනෙක් යම් කිසිවක් කිසියම් නාලියකින් කිසියක් කෙනෙකුට කිසියම් බලපෑමක් සඳහා කරනු ලබයිද එය සන්නිවේදනය නම් වේ යනුවෙනි. සන්නිවේදනය පිළිබඳ අධ්‍යනය කරනු ලැබූ විද්වතුන් සන්නිවේදනයේ ස්වරූපය, අවස්ථා, න්‍යායන් නිර්මාණය කරනු ලැබීය. සන්නිවේදනය යනු ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය සඳහා සහභාගී වන පිරිස් ප්‍රමාණය අනුව සන්නිවෙදන වර්ගීකරණයක් නිර්මාණය කරනු ලැබීය. එය සන්නිවේදන වර්ගීකරණය නම් වේ. සන්නිවේදන අවස්ථාව සඳහා සහභාගී වන පුද්ගල ප්‍රමාණය මත මෙම වර්ගීකරණය සකස් වී ඇත. එහි වර්ග කිහිපයකි.
- අන්තර්වර්ථී පුද්ගල සන්නිවේදනය
- පුද්ගලාන්තර සන්නිවේදනය
- සමූහ සන්නිවේදනය
- ජන සන්නිවේදනය
- මහජන සන්නිවේදනය
- අතථ්‍ය සන්නිවේදනය
- අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යනු තමා තමා සමඟම කරන සන්නිවේදනය හෙවත් පුද්ගලයාගේ සිත තුළම සිදුවන මානසික ක්‍රියාවලියකි. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය මානසික සංවාදයකි. උත්තේජන මනස තුළ ආරෝපණය වීම තුළින් අර්ථ සහිත උත්තේජන හටගනී. එය වාචික, නිර්වාචික ආකාරයෙන් සිදුවිය හැකිය. මෙලෙස අදහස් සංවාද තමා තුළම ගොඩනැගීම අන්තර්වර්තී ලෙස හැඳින්විය හැකිය. සන්නිවේදනයේ මූලිකම අවස්ථාව මෙය වේ.
අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේඑ ලක්ෂණ කිහිපයකි.
- තම සිත අභ්‍යන්තරයේ සිදුවන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබීම
- සිත හෙවත් මනස ප්රමුඛව සිදුවීම
- සංජානනයන් අර්ථකථනය කර ගැනීමට හැකිවීම.
- පංච ඉන්ද්‍රියන්ට දැනෙන උත්තේජන මත ප්‍රතිචාර දැක්වීම
- තීරණ ගැනීමට ඉවහල් වීම.
2. අන්තර්පුද්ගල සන්නිවේදනය
- දැනුම අවබෝධය ලබාගැනීම
- දුක, සැප, සතුට බෙදා හදා ගැනීම
- ආවේග පිට කිරීමට
- ප්‍රශ්ණ විසඳා ගැනීමට
- රහස් අනාවරණය කර ගැනීමට
- විවිධ අවශ්‍යතා සපුරාගැනීමට
- උපදේශනයට/ මඟපෙන්වීමට ආදියට
- පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සන්නිවේදනය සිදුවීම
- සජීවීව සන්නිවේදන කාර්යය සිදුවන බැවින් සන්නිවේදකයා හා ග්රාහකයාට අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව සන්නිවේදනයෙහි යෙදීමේ හැකියාව
- වාචික මෙන්ම අවාචික සන්නිවේදන විධික්රම භාවිතය
- සම්මුඛව සිදු වන අවස්ථා වලදී පිරිවැයක් මෙන්ම මෙවලම් භාවිතයෙන් තොරව සිදුවීම
3. සමූහ සන්නිවේදනය
- සාමාජිකත්වය
- පරමාර්ථ
- අන්තර් ක්‍රියා
- අන්තර් යැපීම්
- පුද්ගලය පිරිසක් හෝ කණ්ඩායකමක් සම්බන්ධ විම
- කණ්ඩායම් නායකත්වය ස්මතුවීම
- නිශ්චිත අරමුණකට අනුව සිදුවීම
- සහභාගී වන පිරිසගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට හැකිවීම.
4. මහජන සන්නිවේදනය
- එකම ස්ථානයක පුළුල් පරාසයක විහිදී සිටින විශාල පිරිසකට තොරතුරු එකවර ලබදිය හැකිවීම.
- විවිධ තාක්ෂණික උපකරණ මෙවලම් භාවිත කිරීමේ හැකියාව
- ඉලක්ක පිරිසකගෙන් ඔබ්බට විශාල සමූහයකට තොරතුරු ලබා දීමේ හැකියාව.
- ග්රාහකයාගේ බලපෑම් සෘජුවම දැක්විය හැකි වීම.
- මතයක් ඇති කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා කේන්ද්‍රව පෙළඹවීම් ක්‍රියාවලියකින් සමන්විතය.
5. ජන සන්නිවේදනය
- විධිමත් සන්නිවේදනගත ආයතනික ව්‍යුහය
- වෘත්තීයමය සන්නිවේදකයන් සිටීම
- බහුවිධ දොරටුපාලකයන් සිටීම
- ප්‍රතිපෝෂණය නොලැබීම හෝ ප්‍රමාදවීම.
7. අථත්‍ය සන්නිවේදනය
- කාර්යක්ෂම සන්නිවේදනයේ යෙදීමේ හැකියාව
- අඩු පිරිවැය
- ආරක්ෂිත බව
- ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිතව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව
- එකවර පුද්ගලයන් රැසක් සමඟ සන්නිවේදනයේ යෙදීමේ හැකියාව
- ප්‍රයෝජන
- අධ්‍යාපන කාර්යයන් සඳහා
- දෙස් විදෙස් මිතුරු සංධාන ඇතිකර ගැනීම
- ව්‍යාපාරික කටයුතු සඳහා
- නිර්මාණාත්මක චින්තනය ගොඩනැංවීම සඳහා
- අඩු පිරිවැයකින් ව්‍යාපාර ප්‍රවර්ධනය කටයුතු කිරීම
Great post ❤️
ReplyDelete🤗❤️Well done
ReplyDeleteGreat post ❤️
ReplyDeleteGreat post ❤
ReplyDeleteGood job ❤❤
ReplyDelete❤❤❤❤❤
ReplyDelete