Wednesday 31 May 2023

සන්නිවේදන නිර් වචන

 සන්නිවේදන නිර්වචන

සන්නිවේදනය යනු කුමක්ද සරලව දක්වන්නෙ නම් ‍යම් පුද්ගලයෙකු විසින් තම අදහස්, ආකල්ප, හැඟීම් අනෙක් පුද්ගලයන් සමඟ හුවමාරු කර ගැනීම ලෙස සරලව දැකිවිය හැකිය. නමුත් සන්නිවේදනය යන්න විෂයක් වශයෙන් වර්ධනය වීමත් සමඟ විවිධ විද්වතුන් විවිධ අදහස් දක්වන ලදී.  විෂයක් ලෙස වර්ධනය වීමට පෙර සිටම විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විද්වතුන් තම විෂය ක්ෂේත්‍රයට අදාලව නිර් වචන  ඉදිරිපත් කර ඇත. පසුකාලීනව සන්නිවේදනය විෂයක් ලෙස වර්ධනය වීමෙන් සන්නිවේදන විද්වතුන් විසින් සන්නිවේදනය සඳහා  නිර් වචන ඉදිරිපත් කර ඇත. 

  • "කවුරුන් විසින් කුමක් කුමන් මාධ්‍යයකින් කවුරුන් වෙත කිනම් බලපෑමක් සඳහා කියනු ලබන්නක්ද එය සන්නිවේදනය නම් වේ. "

                                   දේශපාලන විශාරද හැරල්ඩි ලැස්වෙල්

  • "යම් තැනකදී නිර්මාණය වූ හෝ තෝරාගත් පණිවුඩයක් වෙනත් තැනකදී ඒ ආකාරයෙන්ම හෝ එයට සමාන ලෙස ප්‍රතිනිර්මාණය කිරීමයි."

                                                      ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර්

  • "තොරතුරු ගැබ් වූ සංඳාවක් හේතු කොට ගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත තත්වයක් (මනෝභාවයක්) ඇති කරලීම සන්නිවේදනය නම් වේ."  
                                                                                     විල්බර් ශ්‍රාම්

  • "සමාජය සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සබඳතා ජාලයකි. චර්‍යාවට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම හා චර්‍යාවට අදාළ සෑම ක්‍රියාවක්ම සෘජුව හෝ වක්‍ර ආකාරයෙන් සන්නිවේදනයට සබඳකමක් දක්වයි."

                                                                                      එඩ්වඩ් සැපියර්

  • "මානව සබඳතා රදවා සිටින්නා වූ වර්ධනය කරන්නා වූ සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහණය කිරීමටත් කාලයේ බැඳීම් වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රමය සන්නිවේදනයයි"

                             චාර්ල්ස් කුලී

සටහන -   එම්. තරුෂි සඳුනිකා 

විශේෂවේදී පළමු වසර 

ජනසන්නිවේදන අධ්‍යයනාංශය 

සමාජ විද්‍යා පීඨය

කැළණිය විශ්ව විද්‍යාලය


12 comments:

ජනප්‍රිය සංස්කෘතිය

ජනප්‍රිය සංස්කෘතිය  සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයේදී සංස්කෘතික ක්‍රියාවලියේ නවතම විකාශනය ලෙස හඳුනාගත හැකි වන්නේ ජනප්‍රිය සංස්කෘතියයි. එහෙත් ජනප...