Wednesday 28 June 2023

ජනප්‍රිය සංස්කෘතිය

ජනප්‍රිය සංස්කෘතිය

 සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයේදී සංස්කෘතික ක්‍රියාවලියේ නවතම විකාශනය ලෙස හඳුනාගත හැකි වන්නේ ජනප්‍රිය සංස්කෘතියයි. එහෙත් ජනප්‍රිය සංස්කෘතිය යන සංකල්පයේ උපත දශක පහක් පමණ ඈතට දිවයන්නකි. එනම් 1950-1960 කාලවකවානුවයි. ජනප්‍රිය සංස්කෘතිය යනු සංස්කෘතියේ ස්වභාවික හෝ ක්‍රමික විකාශනයක් ලෙස සැලකිය හැකි ප්‍රවණතාවක්වයන් නොවේ. එය වඩාත් නිවැරදි වන්නේ ජනප්‍රිය කරන ලද සංස්කෘතියක් ලෙස හැඳින්වීම ය. ජනප්‍රිය සංස්කෘතිය යනු ජනමාධ්‍ය මගින් සමාජගත කරන භාණ්ඩ සේවා හා ඒ හා බැඳුණු චර්යාවන් එක් වීමෙන් සෑදුණු සමාජ සංස්කෘතික ස්වරූපයකි. මෙය එක් අතෙකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදකයන් ද තවත් අතකින් ජනමාධ්‍ය ද තවත් පැත්තකින් පාරිභෝගික ජනතාව ද එක් වීමෙන් සෑදුනු ක්‍රියාවලියකි. බහු ජන සංස්කෘතියේ උපරිම තලය ජනප්‍රිය සංස්කෘතිය ජන සංස්කෘතියේ වඩාත්ම ආකර්ශෂණය කොටස ජනප්‍රිය සංස්කෘතිය වේ. එනම්ජන සංස්කෘතියේ සම්පීඩිත සාරය ජනප් ජනප්‍රිය සංස්කෘතිය වේ. විසිවන සියවසේදී පරිහානියට පත් වූ සම්භාව්‍ය සංස්කෘතිය ට විකල්පයක් ලෙස ක්‍රමානුකූලව ජන සංස්කෘතිය හා එහෙයින් උපරි ස්වරූපය ලෙස ජනප්‍රිය සංස්කෘතිය වර්ධනය වන්නට විය.

ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ

  •  ජන මාධ්‍ය හා නව මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීම.
  •  ගතිකය/ ක්ෂණික වෙනස් වීම.
  •  වියාපාරික ආධිපත්‍යයක්  සහිතවීම/ වාණිජත්වය සමඟ පබැඳී පැවතීම.
  •  තාක්ෂණය සමඟ බැඳී ප් පැවැතිම.
  • කාලීන තත්ත්වයන් මත ගොඩනැගීම.
  • සෑම සමාජ පන්තියක් ම ආකර්ෂණය කර කර ගන්නා අතර කාන්තාවන් ළමයින් සහ තරුණ පිරිස් වඩාත් පහසුවෙන් ආකර්ෂණය කර ගැනීම.
  •  ශ්‍රමිකයින් අතර ඉතා ඉක්මනින් ප්‍රචලිත වීම.
  •  උසස් කලාත්මක ලක්ෂණ හීන වීම.
  • ජනප්‍රිය සංස්කෘතියට අයත් හා ඊට සම්බන්ධ  නිෂ්පාදකයින්ගේ මහා පරිමාණ නිෂ්පාදන හා බෙදාහැරීමේ ක්‍රියාවලියක්  පැවතීම.
  •  නොගැඹුරු වීම,  සරල වීම.
  • අතිරික්තයක් සහිතය. සුලබය.
  •  බුද්ධිමය සදාචාරාත්මක සහ කලාත්මක මට්ටම හීන වීම.


 ජනමාධ්‍යයේ දක්නට ලැබෙන ජනප්‍රිය සංස්කෘතික ලක්ෂණ

  • මාධ්‍ය වෙළඳපොළක් නිර්මානය කිරීම.
  • ග්‍රාහකයා පාරිභෝගිකයෙකු කිරීම.
  •  ව්‍යාපාරික  ආධිපත්‍යයක් ගොඩනැගීම
  •  පාරිභෝගික ආකර්ෂණය ඇති කිරීම්
  •  ජාතික සංස්කෘතික  ධාරාවට අභියෝග කිරීම
  •  නිර්මාණ වල ගුණාත්මක භාවය පිළිබඳ මිනුම් දණ්ඩක් ලෙස ක්‍රියාත්මක වීම
  •  පහසුවෙන් රසවිඳිය හැකි වීම.
  •  බුද්ධිමය කලාත්මක හා සදාචාරාත්මක මට්ටම් හීන් වීම
  • ග්‍රාහකයා ගොදුරු කරගැනීම
  •  මහා පරිමාණ නිෂ්පාදන බිහිවීම
  •  ජනමාධ්‍ය බහුලීකරණය
  •  මිත්‍යා මතවාද ප්‍රචලිත කිරීම

ජනප්‍රිය සංස්කෘතිය සමාජ පරිහානිය කෙරෙහි බලපෑ හැකි ආකාර

  • සාම්ප්‍රදායික සංස්කෘතියක වටිනාකම් යටපත් කිරීම.
  •  සාම්ප්‍රදායික සමාජයේ මානව සබඳතා වාණනිජකරණයට ලක් වීම නිස්සාර වූ හිස් අපේක්ෂාවන් හා ක්‍රියාවන් කරා යොමු වීම.
  •  නොගැලපෙන පාරිභෝගික රටාවකට යොමු වීම.
  •  ආර්ථික සමාජීය මානසික ව්‍යසනකාරී තත්ත්වයක්න්ට යොමුවීම.
  •  සංස්කෘතියේ ගොදුරක් බවට පත් වී ඇති බවට නොතේරීම.
  •   අන්තර්ගතයේ වටිනාකම් වලට වඩා බාහිර සැලූ ස්වරූපයට යොමුවීම.
  •  සරල හා කෙටි කාලීන පැවැත්ම දිගු කාලීන පැවැත්මක් නොමැති වීම.
  •  නිර්මාණකරණ  පුනරුක්තියෙන් මිදීමට නොහැකිවීම.


Sunday 11 June 2023

සන්නිවේදන වර්ගීකරණය

සන්නිවේදන වර්ග 

              සන්නිවේදනය යනු තම අදහස්,තොරතුරු, හැඟීම් අනෙකා සමඟ හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. මහාචාර්‍ය හැරල්ඩ් ඩී ලැඩ්වෙල්ට අනුව සන්නිවේදනය යනු කිසියම් කෙනෙක් යම් කිසිවක් කිසියම් නාලියකින් කිසියක් කෙනෙකුට කිසියම් බලපෑමක් සඳහා කරනු ලබයිද එය සන්නිවේදනය නම් වේ යනුවෙනි. සන්නිවේදනය පිළිබඳ අධ්‍යනය කරනු ලැබූ විද්වතුන් සන්නිවේදනයේ ස්වරූපය, අවස්ථා, න්‍යායන් නිර්මාණය කරනු ලැබීය. සන්නිවේදනය යනු ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය සඳහා සහභාගී වන පිරිස් ප්‍රමාණය අනුව සන්නිවෙදන වර්ගීකරණයක් නිර්මාණය කරනු ලැබීය. එය සන්නිවේදන වර්ගීකරණය නම් වේ. සන්නිවේදන අවස්ථාව සඳහා සහභාගී වන පුද්ගල ප්‍රමාණය මත මෙම වර්ගීකරණය සකස් වී ඇත. එහි වර්ග කිහිපයකි.

  1. අන්තර්වර්ථී පුද්ගල සන්නිවේදනය
  2. පුද්ගලාන්තර සන්නිවේදනය
  3. සමූහ සන්නිවේදනය
  4. ජන සන්නිවේදනය
  5. මහජන සන්නිවේදනය
  6. අතථ්‍ය සන්නිවේදනය

  

  1. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය

 අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය යනු  තමා තමා සමඟම කරන සන්නිවේදනය හෙවත් පුද්ගලයාගේ සිත තුළම සිදුවන මානසික ක්‍රියාවලියකි. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය මානසික සංවාදයකි. උත්තේජන මනස තුළ ආරෝපණය වීම තුළින් අර්ථ සහිත උත්තේජන හටගනී. එය වාචික, නිර්වාචික ආකාරයෙන් සිදුවිය හැකිය. මෙලෙස අදහස් සංවාද තමා තුළම ගොඩනැගීම අන්තර්වර්තී ලෙස හැඳින්විය හැකිය. සන්නිවේදනයේ මූලිකම අවස්ථාව මෙය වේ.

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේඑ ලක්ෂණ කිහිපයකි.

  • තම සිත අභ්‍යන්තරයේ සිදුවන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබීම
  • සිත හෙවත් මනස ප්‍රමුඛව සිදුවීම
  • සංජානනයන් අර්ථකථනය කර ගැනීමට හැකිවීම.
  • පංච ඉන්ද්‍රියන්ට දැනෙන උත්තේජන මත ප්‍රතිචාර දැක්වීම
  • තීරණ ගැනීමට ඉවහල් වීම.

 2. අන්තර්පුද්ගල සන්නිවේදනය


 අන්තර්පුද්ගල සන්නිවේදනය යනු පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සංදේශ හුවමාරු කරගැනීම යනුවෙන් හැඳින්වේ. මෙය යුගල සන්නිවේදනය, අන්තර්පුද්ගල සන්නිවේදන යන නම් වලින්ද හඳුන්වනු ලබයි. පුද්ගලාන්තර සන්නිවේදනය කායික සමීපතා සමඟයි.  එනම් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු හමුවී කතා කිරීමකි. එහිදී අන්තර් ක්‍රියා හා අන්තර් විශ්වාස සමඟ සම්බන්ධව වාචික හා නිර්වාචික ලෙස සංදේශ හුවමාරු වේ. ඔවුනොවුන් මුහුණට මුහුණලා අදහස් හුවමාරු කරගනී.
පුද්ගලාන්තර සන්නිවේදන ක්‍රම ලෙස ලිවීම, කතා කිරිම, දෘශ්‍ය රූප, සංකේත, ඉඟි සැලකේ. රහස්‍ය නොවන ලිපි හා සාමාන්‍ය ලියුම්, මතක සටහන් ලිවීම ක්‍රම ආදිය  අන්තර්පුද්ගල සන්නිවේදන ක්‍රම ලෙස භාවිතා වේ. මෙය සම්මුඛ මෙන්ම අසම්මුඛවද සිදුවේ. ලිපි, ඊ මේල්, ෆැක්ස් යනාදිය මීට ඇතුළත් වේ.
 පුද්ගලාන්තර සන්නිවේදනයේ අරමුණු කිහිපයකි.
  • දැනුම අවබෝධය ලබාගැනීම
  • දුක, සැප, සතුට බෙදා හදා ගැනීම
  • ආවේග පිට කිරීමට
  • ප්‍රශ්ණ විසඳා ගැනීමට
  • රහස් අනාවරණය කර ගැනීමට
  • විවිධ අවශ්‍යතා සපුරාගැනීමට
  • උපදේශනයට/ මඟපෙන්වීමට ආදියට 
මෙහි විශේෂ ලක්ෂණ කිහිපයකි.
  • පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර සන්නිවේදනය සිදුවීම
  • සජීවීව සන්නිවේදන කාර්‍යය සිදුවන බැවින් සන්නිවේදකයා හා ග්‍රාහකයාට අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව සන්නිවේදනයෙහි යෙදීමේ හැකියාව
  • වාචික මෙන්ම අවාචික සන්නිවේදන විධික්‍රම භාවිතය
  • සම්මුඛව සිදු වන අවස්ථා වලදී පිරිවැයක් මෙන්ම මෙවලම් භාවිතයෙන් තොරව සිදුවීම

3. සමූහ සන්නිවේදනය

පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇතිව එකට එක්ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනයයි. සමූහයට එක් වන පිරිස එකිනෙකා හඳුනන්නන් හෝ නොහදුනන්නන් විය හැකිය. අදාළ අවස්ථාව විධිමත්ව විධිමත්ව සැළසුම් කර ගැනීමෙන් සමූහ සන්නිවේදනය සාර්ථක කර ගත හැකිය. එහිදී සන්නිවේදකයාට ඉවහල් කර ගත හැකි විධි ක්‍රම කිහිපයක් වේ. සමූහ වර්ග පිළිබඳ මුල්වරට අදහස් ඉදිරිපත් කොට ඇත්තේ cooley (1909) විසිනි.

සමූහ සන්නිවේදනයේ සංරචක
  • සාමාජිකත්වය
  • පරමාර්ථ
  • අන්තර් ක්‍රියා
  • අන්තර් යැපීම්
ලක්ෂණ

  • පුද්ගලය පිරිසක් හෝ කණ්ඩායකමක් සම්බන්ධ විම
  • කණ්ඩායම් නායකත්වය ස්මතුවීම
  • නිශ්චිත අරමුණකට අනුව සිදුවීම
  • සහභාගී වන පිරිසගෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට හැකිවීම.

4. මහජන සන්නිවේදනය


ජන සමූහයකට හෙවත් එකම ස්ථානයක පුළුල් ප්‍රදේශයක විසිරී සිටින ජන සමූහයකට මහා පරිමාණයෙන් සිදුකරන සන්නිවේදනයක් මහජන සන්නිවේදනය නම් වේ.
ලක්ෂණ
  • එකම ස්ථානයක පුළුල් පරාසයක විහිදී සිටින විශාල පිරිසකට තොරතුරු එකවර ලබදිය හැකිවීම.
  • විවිධ තාක්ෂණික උපකරණ මෙවලම් භාවිත කිරීමේ හැකියාව
  • ඉලක්ක පිරිසකගෙන් ඔබ්බට විශාල සමූහයකට තොරතුරු ලබා දීමේ හැකියාව.
  • ග්‍රාහකයාගේ බලපෑම් සෘජුවම දැක්විය හැකි වීම.
  • මතයක් ඇති කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා කේන්ද්‍රව පෙළඹවීම් ක්‍රියාවලියකින් සමන්විතය.

5. ජන සන්නිවේදනය


විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය භාවිත කරමින් සිදු කරනු ලබන සන්නිවේදනය ජන සන්නිවේදනයයි.තාක්ෂණය හා මාධ්‍ය සමඟ බද්ධව පවතී. ජන සංකල්පයන් යුක්ත වේ.
'වෘත්තීමය සන්නිවේදකයින්. යන්ත්‍රමය මාධ්‍ය වහල්කොටගෙන පුළුල් ලෙසත් ක්ෂණිකවත් අඛණ්ඩවත් විවිධ වූත් විශාල වූත් ග්‍රාහක ක්ෂේත්‍රයක් වෙත සංදේශය පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාවලියයි. '
-ඩෙනිස් සහ ඩිෆ්ලූවර්-

ලක්ෂණ
  • විධිමත් සන්නිවේදනගත ආයතනික ව්‍යුහය
  • වෘත්තීයමය සන්නිවේදකයන් සිටීම
  • බහුවිධ දොරටුපාලකයන් සිටීම
  • ප්‍රතිපෝෂණය නොලැබීම හෝ ප්‍රමාදවීම.

7.  අථත්‍ය සන්නිවේදනය 


අථත්‍ය සන්නිවේදනය යනු, නව තොරතුරු තාක්ෂණය මැදිහත් වීම හේතුවෙන් චේතනාන්විතව හෝ අචේතනිකව හෝ අන්තර්ගතයන්, අභිප්‍රායන්, විපරීත වීමට, ආදේශනය වීමට හෝ නිර්මාණය වීමට අවකාශය සලසන තොරතුරු, සංදේශයන් සහ ක්‍රියාකාරකම්‍ වේ. 
20 වන සියවසෙන් පසු තාක්ෂණික දියුණුව හේතුවෙන් ජනමාධ්‍ය ආකෘති සහ අන්තර්ගත‍යේ වෙනස්කම් රැසක් සිදුවිය. ජනමාධ්‍ය යුගයෙන් ගෝලීය මාධ්‍ය යුගයට පිවිසීම සිදුවූයේ අතථ්‍ය සන්නිවේදනය සමඟය.
 අථත්‍ය සන්නිවේදනය ,
"වර්තමාන ගෝලීය ප්‍රවණතා හා තාක්ෂණික විකාශයේ එක් අවස්ථාවකි."

අප ඉදිරිපිට නොපවතින ජනතාව සමඟ සන්නිවේදනය කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කරගැනීම අතත්‍ය සන්නිවේදනයේදී සිදුවේ. අතත්‍ය සන්නිවේදනයේ පදනම වන්නේ නව මාධ්‍ය වේ. අන්තර්ජාලය මඟින් ජාලගත වේගවත් තොරතුරු හුවමාරු වේ.
අථත්‍ය සන්නිවේදනයේ ප්‍රධාන සංරචකය වන්නේ අන්තර්ජාලයයි. විද්‍යුත් තැපෑල, වීඩියෝ සම්මන්ත්‍රණ, සමාජ ජාල වෙබ් අඩවි, මාර්ගගත කතාබහ සඳහා මාධ්‍ය වන්නේ අන්තර්ජාලයයි.

අථත්‍ය සන්නිවේදනයෙහි ඇති ප්‍රයෝජන රැසකි.

  • කාර්‍යක්ෂම සන්නිවේදනයේ යෙදීමේ හැකියාව
  • අඩු පිරිවැය
  • ආරක්ෂිත බව
  • ශ්‍රව්‍ය දෘශ්‍ය අංග සහිතව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව 
  • එකවර පුද්ගලයන් රැසක් සමඟ සන්නිවේදනයේ යෙදීමේ හැකියාව 
  • ප්‍රයෝජන
  • අධ්‍යාපන කාර්‍යයන් සඳහා
  • දෙස් විදෙස් මිතුරු සංධාන ඇතිකර ගැනීම
  • ව්‍යාපාරික කටයුතු සඳහා
  • නිර්මාණාත්මක චින්තනය ගොඩනැංවීම සඳහා
  • අඩු පිරිවැයකින් ව්‍යාපාර ප්‍රවර්ධනය කටයුතු කිරීම 
සටහන - එම්. තරුෂි සඳුනිකා 
විශේෂවේදී පළමු වසර 
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
සමාජ විද්‍යා පීඨය
කැළණිය විශ්ව විද්‍යාලය



ජනප්‍රිය සංස්කෘතිය

ජනප්‍රිය සංස්කෘතිය  සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයේදී සංස්කෘතික ක්‍රියාවලියේ නවතම විකාශනය ලෙස හඳුනාගත හැකි වන්නේ ජනප්‍රිය සංස්කෘතියයි. එහෙත් ජනප...